ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින්.
ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත්, ඌරන් මෙම රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය 25 වැනිදා සිට මාස තුනකට වලංගු වන ලෙස නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් ඌරු උණ පැතිරීම වළක්වාලීමට ක්‍රියා මාර්ග රැසක්ද ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත.
ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය, ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම, අවදානම් ඌරන් කෘත්‍රීම අභිජනනය කිරීම, සජීවි සත්ව වෙළඳාම, තරග පැවැත්වීම, ගබඩා කිරීම, මියගිය රෝගී සතුන් හෝ එහි කොටසක් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් ස්ථානයකට හා ප්‍රදේශයකට රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම ආදිය ද තහනම් කර තිබේ.
එමෙන්ම මෙම තහනම් ක්‍රියා සිදු කිරීම වැළැක්වීමට අදාල සෞඛ්‍ය නිලධාරීන්ට බලතල පවරා ඇති බවද සඳහන්.
මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) මෙරටට ඇතුළු වී ඇත්තේ අවිධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් හෝ ගුවන්තොටුපොළ හා වරාය මඟින් ඉවතලන ආහාරවලින් බවට අනුමාන කරන්නේ යැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කරයි.
කෙසේ වුවත් ඒ බව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා වසංගත විද්‍යාත්මක විමර්ශනයක් සිදු කරමින් සිටින බවයි ඇය කියා සිටියේ.