ඌරන් ආශ්‍රිතව වාර්තා වූ රෝගය අප්‍රිකා සූකර උණ රෝගී තත්ත්වයක් බවට තහවුරු වී තිබේ.
මෙම තත්ත්වය ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ඌරන් හදිස්සියේ මියයාමේ සිදුවීම් කීපයක් පසුගියදා වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්ෂේත්රයෙන් ලබාගන්නා සාම්පල පරීක්ෂාවට ලක්කරනලදි. ඒ අනුව අනාවරණය වී තිබෙන්නේ ඌරන්ට වැළදී ඇති රෝගී තත්ත්වය දකුණු ආසියා රටවල වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයක් බවයි.
එය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවටද වාර්තා වවෙයි.
මෙය සෙසු ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශූ වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඌරුමස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය කරන්නේ නම් ඒ සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ද අනිවාර්ය කර තිබෙනවා.
ඌරන්ට වැළදී ඇති මෙම රෝගී තත්ත්වය ස්පර්ශයෙන් බෝ වන බවට තහවුරු කරගෙන ඇති බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහන් කළේ.