තාක්ෂණික ප්රකෝටිපතියෙකු වන එලෝන් මස්ක්, තවත් අයෙක්ට ඩොලර් මිලියන 1ක් ප්රදානය කර තිබේ.
ඒ අමෙරිකානු ජනපතිවරණයට අදාලව , ඔහු හඳුන්වාදුන් දිනකට ඩොලර් මිලියන 1ක දීමනාව (පවුම් 766,000) හි දෙවන ජයග්රාහකයා ලෙසයි.
පෙන්සිල්වේනියාවේ නගර ශාලාවක පැවති උත්සවයකදී මෙලෙස දෙවන ඩොලර් මිලියනයේ ජයග්රාහිකාව වී ඇත්තේ, ක්රිස්ටීන් ෆිෂෙල් නම් කාන්තාවක්.
එලෝන් මස්ක් ගේ ක්රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පෙන්සිල්වේනියා ආණ්ඩුකාරවරයා පවසා තිබේ.