ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර් වුඩ් එම තනතුරෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වැඩ බැලීම සදහා සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා.
කෙසේ වෙතත් වැඩ බලන තනතුර වෙනුවට සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකාර ධුරය සදහා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අද (07) නිවේදනය කළා.
අවසන් වූ එංගලන්ත, ඉන්දියා සහ නවසීලන්ත යන සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා මත මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ තරගාවලි වලදී ක්‍රීඩකයින්ට හොදින් ක්‍රීඩා කිරීමට සනත් ජයසූරියගේ දායකත්වය විශාල වශයෙන් ඉවහල් වී ඇති බවයි විධායක කමිටුව සදහන් කරන්නේ.
ඔක්තෝබර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා.
ඒ අනුව 2026 වසරේ මාර්තු 31 වනදා දක්වා කාලයට අදාළව සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකාර තනතුර සදහා ගිවිසුම්ගත වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.