වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් අද සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියි.
ඔහු සඳහන් කළේ, සූර්යයා සමඟ සමීපවන C/2023 A3 (Tsuchinshan-ATLAS) නම් මෙම වල්ගා තරුව පියවි ඇසට නිරීක්ෂණය වන බවයි.
ශ්‍රී ලංකාවේ අහස නිරීක්ෂකයින්ට අද සවස හිරු බැස යෑමෙන් පසු මෙම දුර්ලභ ආකාශ වස්තුව දැකගත හැකි බවත් පියවි ඇසට එය දුර්වල තිතක් ලෙස දර්ශනය වූවත්, දුරේක්ෂයක් භාවිත කොට එහි වලිගය සහිත විචිත්‍රවත් වල්ගා තරුවම දැක ගත හැකියාව තිබේ.
හිරු උදාවට මිනිත්තු 45 සිට පැයකට පෙරත් මෙම වල්ගා තරුව නැගෙනහිර අහසේ දර්ශනය වනු ඇති බවයි ඒ මහතා පවසයි.
ගිහාන් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, මෙම සිදුවීම අසාමාන්‍ය වන්නේ මෙම වල්ගා තරුව වසර 80,000 ක කක්ෂගත කාලයක් සහිත දිගු-කාලීන වල්ගා තරු ගණයට අයත් වීම වන අතර, එය අවසන් වරට සූර්යයාට සමීපව ගමන් කර ඇත්තේ මීට වසර 80,000 කට පෙර නිසා මෙය ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් බවයි.