Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කමිඳුගෙන් ලෝක වාර්තාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත් වුණා.

තරගය නතර කරනවිට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 306ක්.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් රැස්කරගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 78ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා නොදැවි පන්දුවට පහර දෙමින් සිටිනවා.

කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වරම් හිමි කරගැනීමෙන් අනතුරුව තරග 8කදී අඛණ්ඩව ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති අතර එය ලෝක වාර්තාවක්වීමත් විශේෂත්වයක්.

මීට පෙර පාකිස්ථානයේ සෞඩ් ශකීල් අඛණ්ඩව තරග 07කදී ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාව ලබා මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

තරග අටකට ක්‍රීඩා කර ඇති කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක 05ක් සහ ශතක 4ක් රැස්කරගැනීමටයි සමත්ව ඇත්තේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Scroll to Top