නව වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.
හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය පරිදී රාජ්‍ය නිලධාරීන්ද යොදවා තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්.
ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටිනවා.
ඊට අදාළ සියලු කටයුතු සූදානම්කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් පවසන්නේ.
පොලිසිය අවශ්‍ය ආරක්ෂාව ද සලසා තිබෙනවා.
ඡන්ද දායකයින්ට ගමන් කිරීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරනවා.
දුම්රිය ධාවනය ද හෙට දිනයේ සාමාන්‍ය පරිදී සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.