විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර අවසන්.
දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 කට ආසන්න බව කියවෙනවා.
ඒ අනුවයි මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකි බව Informa Connect Academy වාර්තාවක සඳහන් වන්නෙ. ඊට අනුව මස්ක් මේ වාර්තාවට ළඟා වන්නේ 2027 වසරේ දීයි.