Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පළමු වෘත්තීය නොවන අභ්‍යවකාශ ගමන සාර්ථකයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමෙරිකානු ප්‍රකෝටිපති ව්‍යාපාරික Jared Isaacman, Polaris Dawn මෙහෙයුම අතරතුර අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා බවට පත්ව තිබේ.

“ආපසු ගෙදරට ගිය විට අපි හැමෝටම කරන්න වැඩ ගොඩක් තියෙනවා, නමුත් මෙතැන් සිට පෘථිවිය පරිපූර්ණ ලෝකයක් වගේ ලස්සනට පේනවා” යනුවෙන් ඔහු ප්‍රථම වරට අභ්‍යවකාශයට පා තබමින් තම අත්දැකීම විස්තර කර ඇටි බව සඳහන්.

SpaceX ඉංජිනේරුවන් වන ඇනා මෙනන් සහ සාරා ගිලිස් ඇතුළු පුද්ගලික පුරවැසියන් සිව් දෙනෙකු රැගෙන SpaceX හි Falcon 9 රොකට්ටුව අඟහරුවාදා අභ්‍යවකාශයට දියත් කරන ලද අතර එය දින පහක් දක්වා කක්ෂයේ ගත කරනු ඇති.

ප්‍රකෝටිපති ව්‍යාපාරික Jared Isaacman මෙම මෙහෙයුම සඳහා අරමුදල් සම්පාදනය කරන ලද අතර, එය Elon Musk විසින් ආරම්භ කරන ලද අභ්‍යවකාශ පියාසැරි සමාගම වන SpaceX වෙතින් පුද්ගලික කාර්ය මණ්ඩලයක් විසින් සිදු කරන ලද දෙවන මෙහෙයුමයි.

ඔවුන්ගේ අභ්‍යවකාශ යානය, මගින් පෘතුවියේ සිට සැතපුම් 870ක් (කිලෝමීටර් 1,400ක්) ඉහළට ගෙන යන කක්ෂයකට යෑමට නියමිත අතර නාසා ආයතනයේ ඇපලෝ වැඩසටහන 1970 ගණන්වල අවසන් වූ දා සිට මෙතරම් දුරකට මිනිසෙක් ගමන් කර නැති බවත් වාර්තා වෙයි.

Scroll to Top