Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

කිසියම් කෙනෙකුට වෛද්‍ය හේතූන් මත නිවාඩු ලබා ගැනීමට අවශ්‍යනම් ඒ ප්‍රදේශය බාර නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය මත නිවාඩු ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු පැවසුවා.

අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03වන දා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08වනදා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, හත් ලක්ෂ 12,319ක්.

තැපැල් ඡන්ද දායකයින්ට මෙවර ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශය කිරිම සඳහා සැප්තැම්බර් 4,5 සහ 6 තෙදින තුළ අවාස්ථාව හිමිවනවා.

Scroll to Top