කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යට වී තිබේ.
එසේම, කුකුලේගඟ සහ දැදුරු ඔයේ වාන් දොරටු ද තවදුරටත් විවෘත කර ඇති බව පැවසෙයි.
මීට අමතරව, බුලත්සිංහල, ඉංගිරිය, ඇලපාත, ඇහැලියගොඩ සහ කලවාන ප්‍රදේශවලට නිකුත් කළ රතු වර්ණය යටතේ වූ නාය යෑමේ අවදානම් නිවේදන ද තවදුරටත් වලංගු වේ.
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
මේ අතර නැගෙනහිර, ඌව සහ උතරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවි තිබිම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
ආපදා කළමණාකරණ ඒකකයෙ පුත්තලම කාර්යාලය පවසන්නේ මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයෙ සිට මහවැව නගරය දක්වා මාර්ගයෙ ජලය පිරි ඇති බවත් ඇතැම් ස්ථාන වල අඩි තුනකටත් වඩා ජල කදක් මාර්ගය වසා පැවතිම හේතුවෙන් ගමනා ගමනය ඉතා අවදානම් බවයි.
මෙම තත්වය මතුව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයට නොකඩවා ඇද හැළුන මහ වැසි මහවැව ලුණූ ඔය හා හැමිල්ටන් ඇල පිටාර ගැනිමත් සමග බව කියයි.
ජලයෙන් යටවු මාර්ගයෙ වාහන ගමන් කිරීම අවධානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන පවසයි.
මෙම තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ගමන යාමේන් වැලකි මාර්ගයෙ ගමන් කිරීම තාවකාලිකව නවතා දැමිම තුලින් අනතුරු වලකා ගැනිමට හැකි බව පොලිස් නිලධාරීන් පවසයි.