ළමා ආරක්ෂාව පිළිබඳව බදුල්ල හා අවට ප්රදේශවල පාසල් ළමුන් ප්රවාහනය කරනු ලබන රථවාහන හිමිකරුවන්, රියැදුරන් හා සහායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් බදුල්ල සහකාර දිස්ත්රික් ලේකම් විමංස සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ළමා ආරක්ෂාව හා ඊට අදාළ නීති රීති සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් ළමා ආරක්ෂක නිලධාරී ප්රදීප කේ. එදිරප්පුල්ලි මහතා විසින් ද, මාර්ග සංඥා හා මාර්ග නීති සම්බන්ධයෙන් බදුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්. අනුර මහතා විසින් ද, නිසි වේලාවට රථවාහන නඩත්තු කිරීම හා පාසල් ළමුන් ප්රවාහන බස්රථ පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂක හසිත රන්දෙනිය මහතා විසින් ද දේශන පවත්වන ලදි. ඒ අනුව පොදුවේ පාසල් ළමුන් ප්රවාහනය විනයානුකූලව, ආරක්ෂාකාරීව හා අනෙකුත් මගී ප්රවාහන කටයුතුවලින් වෙනස්ව වඩාත් සංවේදීව කළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරුණු අතර, බදුල්ල දිස්ත්රික් ළමා ආරක්ෂක නිලධාරී ප්රදීප කේ. එදිරප්පුල්ලි මහතා ඇතුළු නිලධාරීහු වැඩසටහන සංවිධානය කළහ.
මෙම අවස්ථාවට සමස්ත ලංකා පාසල් සිසුන් ප්රවාහන සංගමයේ බදුල්ල දිස්ත්රික් සංගමයේ සාමාජිකයන් ඇතුළු පාසල් සිසුන් ප්රවාහන රථ වාහන හිමිකරුවන්, රියැදුරන් හා සහායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.