අතුරුගිරිය පොලිස් බලප්රදේශයේ ගොඩගම, බොරැල්ල මාර්ගයේ, අතුරුගිරිය පරණ හන්දිය ආසන්නයේ සිට හබරකඩ දෙසට මාර්ගයේ සැරිසරන අයාලේ යන ගව රංචු හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි ඒ ඔස්සේ ගමන් කරන ජනතාව පවසති.
සෑම දිනකම පෙරවරු කාලයේ මෙම මාර්ගයේ ධාවනය කරන රථවාහනවලට බාධා වන පරිදි මෙලෙස ගවයන් සැරිසරන බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම අතුරුගිරිය පරණ හංදිය තුන්මං සන්ධියේ ද මෙම ගවයන් හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව ප්රදේශවාසීහු පෙන්වා දෙති.
පෙරවරු කාලයේ දැඩි රථ වාහන තදබදයක් ඇති මෙම මාර්ගයේ ජනතාවගේ ආරක්ෂාව පතා මෙලෙස අයාලේ යන ගවයන් සම්බන්ධයෙන් පියවරක් ගන්නා මෙන් ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.