Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි.

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙසම පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Scroll to Top