Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අන්තර්ජාල පහසුකම් නොමිලේ බව කියන පණිවුඩ විවෘත කරන්න එපා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා ලබාදෙන බව සඳහන් කොට ලැබෙන කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් සමාජ මාධ්‍ය ගිණුම් සහ ජංගම දුරකථන දත්ත වෙනත් පාර්ශව වෙත යොමුවිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මේනකා පතිරණ පැවසුවාය.

මෙලෙස නොමිලේ ඩේටා ලබාදෙන බව පවසමින් කෙටි පණිවුඩ, වට්සැප්, මැසේන්ජර් හරහා මෙන්ම දුරකථනය වෙත ලැබෙන සාමාන්‍ය පණ්වුඩයක් ලෙස ද ලැබිය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම මෙවැනි සබැඳි හා එක්වීමෙන් තම දත්ත වෙනත් පාර්ශ්වයක් මගින් ලබාගෙන ඇති බවට නිරන්තරයෙන් පැමිණිලි වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් මෙලෙස ලැබෙන සබැඳි හා යොමුවීමෙන් වැළකී සිටින ලෙසයි.

Scroll to Top