Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

134 වැනි ජාතික පුරා විද්‍යා දිනයට සමගාමිව පුරාවිද්‍යා දෙසතියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

134 වැනි ජාතික පුරා විද්‍යා දිනයට සමගාමිව පුරාවිද්‍යා දෙසතියක්,අද (08) සිට ක්‍රියාත්මකයි.

මෙවර පුරා විද්‍යා දෙසතිය, උරුමය – අපේ උරුමය යන තේමාවෙන් සැමරෙන බව, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්දිස් මහතා සඳහන් කළේ ය.

1890 වසරේ ජූලි මස අද වැනි දිනක, ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පිහිටුවන ලද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස් ජනරාල්වරයා වූයේ, එස්. සී. පී. බෙල් මහතායි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ශිරාන් දැරණියගල, ආචාර්ය රෝලන්ඩ් සිල්වා ආදී වියතුන් රැසකගේ සෙවනේ මෙරට උරුමය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අනභිබවනීය මෙහෙවරක් ඉටු කරන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මෙරට අතීත උරුමය අනාගත පරපුරට දායාද කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක නිරත වේ.

අදහස් දක්වමින් මහාචාර්ය තුසිත මෙන්දිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ , පුරා වස්තු විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව යි.

Scroll to Top