ලෝක කොස්(වරකා) දිනය අදට(04) යෙදී තිබේ.එය සෑම වසරකම ජූලි මස 4 වැනිදා සමරනු ලබයි. ප්‍රථම වරට කොස් ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණේ 2016 වසරේදී යි.
‘කොස්’වල වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම ඒ වෙනුවෙන් දිනයක් වෙන්කර තිබේ.එළවලු පදනම් වූ ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරන අය සඳහා ජනප්‍රිය මස් ආදේශකයක් ලෙස ද ‘කොස්’ ආහාරයට ගත හැකියි.
‘කොස්’ විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින් ඉහළ මට්ටමක පවතින අතර එය ඕනෑම ආහාර වේලකට විශිෂ්ට එකතු කිරීමක් වනවා.ඒ අනුව ඉදුණු කොස් ගෙඩිය (වරකා) අමුවෙන් ආහාරයට ගත හැකි අතර අමු ඒවා රසවත් වෑංජනයක් ලෙස තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකියි.
‘කොස්’වල නිජබිම ලෙස දකුණු හා අග්නිදිග ආසියාව හැඳින්විය හැකියි.
එය වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ ආසියාවෙයි.
කෙසේ වෙතත් 1888 වසරට පෙර එය හවායි හි වගා කිරීමට ද උත්සාහ කර තිබේ.
“කොස්” යන වචනය පෘතුගීසි “ජකා” වෙතින් ව්‍යුත්පන්න වී ඇතැයි සැළකෙයි.
එය “චක්කා” ලෙසද පරිවර්තනය කළ හැකියි.
‘කොස්’ යන වචනය 1563 දී පෘතුගීසි ස්වභාව විද්‍යාඥ සහ විශාරද Garcia da Orta විසින් ලියන ලද පොතක ද භාවිත කර තිබේ.
‘කොස්’ ලොව පුරා ව්‍යාප්ත වී ඇති අතර එය දැන් යුරෝපීය අධිරාජ්‍යයන්ගේ යටත් විජිතයක් වූ රටවල් කිහිපයක ද වගා කෙරෙන බව සඳහන්.
‘කොස් දිනය’ යනු පලතුරු වල බහුකාර්යතාව සැමරීමට සහ එහි සෞඛ්‍ය ප්රතිලාභ ප්‍රවර්ධනය කිරීමට විශිෂ්ට ක්‍රමයක් ලෙස සැළකිය හැකියි.