ලොග්ගල්ලා ඔයේ කෑදැත්ත මංකඩ හරහා ඉදිකළ අත්වැල් පාලම මීට වසර 15 කට පමණ පෙර පැමිණි ගංවතුරක් හේතුවෙන් මුළුමනින්ම කැඩී ගොස් ඇතැයි ජනතාව පවසති.
මේ හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩයාගම කැන්දලන්ද, කොමාරීක, කණුගොල්ල, මැදලන්ද, ඇතුළු ගම්මාන රැසක පවුල් දහස් ගණනකට ලොග්ගල්ලා ඔයේ කරවටක් ගිලී මාරාන්තික ගමනක යෙදීමට සිදුව ඇතැයි එම ගම්මානවල ජනතාව පවසති.
කැඩී බිඳී ගිය පාලම ඉදිකරදීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම නිසා තමුන්ට කරවටක් දියේ ගිලෙමින් ඔය හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයිද තොටුපළ හරහා අනාරක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීපදෙනෙකුම මෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පවසති.
වයි. එම්. විජේබණ්ඩා,
ගොඩයාගම කැන්දලන්ද, කොමාරීක, කණුගොල්ල, මැදලන්ද, කියන්නේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතාම දුෂ්කර ගම්මාන
වයි. එම්. විජේබණ්ඩාවයි. එම්.
විජේබණ්ඩා
කීපයක්. ලොග්ගල්ලා ඔය දෙපස පිහිටි මෙම ගම්මානවල ජනතාවට විවිධ කටයුතු සඳහා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට නිරන්තරයෙන් සිදුවෙනවා. ඔයෙන් මෙගොඩ ගොඩේ පිහිටි ගම්මානවල පාසල් දරුවන් ඔයෙන් මෙපිට පිහිටි කරඳගහමඩ විද්‍යාලය වෙත ගමන් කරනු ලබන්නේත් මෙගොඩ පිහිටි කුඹුරු යායන් වෙත ගමන් ගනු ලබන්නේත් ලොග්ගල්ලා ඔයේ මෙම තොටුපොළ තරණය කරලයි.
ඒ වගේම ඔයෙන් මෙගොඩ පිහිටි ගොඩයාගම, කැන්දලන්ද ආදී ගම්මානවල ජනතාව ප්‍රධාන මාර්ගයක ගමන් ගන්නා බස් රථයකට ගොඩවෙනව නම් ඔය හරහා එන්න ඕනෑ. අමතර ඇඳුමක් අරන් එන්නත් ඕනි. වෙළෙඳ පොළට, රෝහලට, රජයේ ආයතන මේ හැම එකටම එන්න ඔයෙන් එගොඩ වෙන්න ඕනි.
අවුරුදු විස්සකට විතර ඉස්සර මෙතන අත්වැල් පාලමක් ඉදිකරලා තිබුණා. ඒක ලොග්ගල්ලා ඔයේ ගලාගෙන ආව සැඩ පහරට හසුවෙලා මුළුමනින්ම ගසාගෙන ගියා. හැබැයි ආය හැදුවෙ නැහැ. මිනිස්සු දැන් ජීවිතේ පරදුවට තියල ඔයේ බැහැල එහා මෙහා එගොඩ මෙගොඩ වෙනව.
සුළු වැස්සකදි පවා ලොග්ගල්ලා ඔය දෙගොඩතලා ගලනව. ඒ දවස්වලට අපිට ඔයෙන් යන්න බැහැ. දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ.
මේ වගේ වෙලාවල්වල වතුරේ බැහැලා එහා මෙහා යන්න ගිය කිහිපදෙනෙක්ම මෙතන ගිලිලා මැරුණා. එක සැරයක් එකම තැන තුන්දෙනෙක්ම ගිලුණා.
ඩී. එම්. ජයසුන්දර,
ඔය දෙගොඩතලා යනකොට වතුර බහිනකම් ගමනක් යන්න බැහැ. කුඹුරකට යන්න බැහැ. හදිසියෙවත් යන්න වුණොත් මීගහකිවුල හරහා කිලෝමීටර් පහළොවක් විතර ගිහින් තමයි එහා පැත්තට යන්න ඕන. කුඹුරු වැඩ දවස්වලට ඒ පාරෙන් ගියොත් වරුවෙන් පස්සේ තමයි වැඩ කරන්න වෙන්නේ.
මේ වෙනකොට මෙම තොටුපළ දෙපසින්ම මාර්ගය කාපට් අතුරා සකස් කර තිබෙනවා. ඒත් පාලමක් නැති නිසා පාරෙනුත් වැඩක් නැහැ. ඒ නිසා මෙම ස්ථානය හරහා පාලමක් ඉදිකර දීමට කඩිනමින් අවධානය යොමු කරල පාලමේ වැඩ ඉක්මන් කරල දෙන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.