Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසර 15ක් තිස්සේ පාලමක් නොමැතිව ජනතාව අසීරුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොග්ගල්ලා ඔයේ කෑදැත්ත මංකඩ හරහා ඉදි­කළ අත්වැල් පාලම මීට වසර 15 කට පමණ පෙර පැමිණි ගංව­තු­රක් හේතු­වෙන් මුළු­ම­නින්ම කැඩී ගොස් ඇතැයි ජන­තාව පව­සති.

මේ හේතු­වෙන් මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් ගොඩ­යා­ගම කැන්ද­ලන්ද, කොමා­රීක, කණු­ගොල්ල, මැද­ලන්ද, ඇතුළු ගම්මාන රැසක පවුල් දහස් ගණ­න­කට ලොග්ගල්ලා ඔයේ කර­ව­ටක් ගිලී මාරා­න්තික ගම­නක යෙදී­මට සිදුව ඇතැයි එම ගම්මා­න­වල ජන­තාව පව­සති.

කැඩී බිඳී ගිය පාලම ඉදි­ක­ර­දී­මට කිසි­වෙ­කුත් කට­යුතු නොකි­රීම නිසා තමුන්ට කර­ව­ටක් දියේ ගිලෙ­මින් ඔය හරහා එහා මෙහා යාමට සිදුව ඇතැ­යිද තොටු­පළ හරහා අනා­ර­ක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීප­දෙ­නෙ­කුම මෙහි ගිලී ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැ­යිද ප්‍රදේ­ශයේ ජන­තාව වැඩි­දු­ර­ටත් පව­සති.

වයි. එම්. විජේ­බණ්ඩා,

ගොඩ­යා­ගම කැන්ද­ලන්ද, කොමා­රීක, කණු­ගොල්ල, මැද­ලන්ද, කියන්නේ මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් ඉතාම දුෂ්කර ගම්මාන

වයි. එම්. විජේ­බණ්ඩාවයි. එම්.
විජේ­බණ්ඩා
කීප­යක්. ලොග්ගල්ලා ඔය දෙපස පිහිටි මෙම ගම්මා­න­වල ජන­තා­වට විවිධ කට­යුතු සඳහා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට නිර­න්ත­ර­යෙන් සිදු­වෙ­නවා. ඔයෙන් මෙගොඩ ගොඩේ පිහිටි ගම්මා­න­වල පාසල් දරු­වන් ඔයෙන් මෙපිට පිහිටි කර­ඳ­ග­හ­මඩ විද්‍යා­ලය වෙත ගමන් කරනු ලබ­න්නේත් මෙගොඩ පිහිටි කුඹුරු යායන් වෙත ගමන් ගනු ලබ­න්නේත් ලොග්ගල්ලා ඔයේ මෙම තොටු­පොළ තර­ණය කර­ලයි.

ඒ වගේම ඔයෙන් මෙගොඩ පිහිටි ගොඩ­යා­ගම, කැන්ද­ලන්ද ආදී ගම්මා­න­වල ජන­තාව ප්‍රධාන මාර්ග­යක ගමන් ගන්නා බස් රථ­ය­කට ගොඩ­වෙ­නව නම් ඔය හරහා එන්න ඕනෑ. අම­තර ඇඳු­මක් අරන් එන්නත් ඕනි. වෙළෙඳ පොළට, රෝහ­ලට, රජයේ ආය­තන මේ හැම එක­ටම එන්න ඔයෙන් එගොඩ වෙන්න ඕනි.

අවු­රුදු විස්ස­කට විතර ඉස්සර මෙතන අත්වැල් පාල­මක් ඉදි­ක­රලා තිබුණා. ඒක ලොග්ගල්ලා ඔයේ ගලා­ගෙන ආව සැඩ පහ­රට හසු­වෙලා මුළු­ම­නින්ම ගසා­ගෙන ගියා. හැබැයි ආය හැදුවෙ නැහැ. මිනිස්සු දැන් ජීවිතේ පර­දු­වට තියල ඔයේ බැහැල එහා මෙහා එගොඩ මෙගොඩ වෙනව.

සුළු වැස්ස­කදි පවා ලොග්ගල්ලා ඔය දෙගො­ඩ­තලා ගල­නව. ඒ දව­ස්ව­ලට අපිට ඔයෙන් යන්න බැහැ. දරු­වන්ට පාසල් යන්න විදි­හක් නැහැ.

මේ වගේ වෙලා­ව­ල්වල වතුරේ බැහැලා එහා මෙහා යන්න ගිය කිහි­ප­දෙ­නෙක්ම මෙතන ගිලිලා මැරුණා. එක සැර­යක් එකම තැන තුන්දෙ­නෙක්ම ගිලුණා.

ඩී. එම්. ජය­සු­න්දර,

ඔය දෙගො­ඩ­තලා යන­කොට වතුර බහි­න­කම් ගම­නක් යන්න බැහැ. කුඹු­ර­කට යන්න බැහැ. හදි­සි­යෙ­වත් යන්න වුණොත් මීග­හ­කි­වුල හරහා කිලෝ­මී­ටර් පහ­ළො­වක් විතර ගිහින් තමයි එහා පැත්තට යන්න ඕන. කුඹුරු වැඩ දව­ස්ව­ලට ඒ පාරෙන් ගියොත් වරු­වෙන් පස්සේ තමයි වැඩ කරන්න වෙන්නේ.

මේ වෙන­කොට මෙම තොටු­පළ දෙප­සින්ම මාර්ගය කාපට් අතුරා සකස් කර තිබෙ­නවා. ඒත් පාල­මක් නැති නිසා පාරෙ­නුත් වැඩක් නැහැ. ඒ නිසා මෙම ස්ථානය හරහා පාල­මක් ඉදි­කර දීමට කඩි­න­මින් අව­ධා­නය යොමු කරල පාලමේ වැඩ ඉක්මන් කරල දෙන්න කියලා අපි හැමෝ­ගෙන්ම ඉල්ලා සිටි­නවා.

Scroll to Top