චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන – ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමඟ මෙම මුදල ශ්‍රී ලංකාවට භාවිතයට ගැනීමට හැකියාව ලැබී තිබෙන බව එම නිලධාරියා පැවැසුවේය.
එලෙස භාවිතයට ගැනීමට නිදහස් වුණ මුදල් අතර වසර තුනකට අධික කාලයක් ප්‍රමදවූ කඩවත – මීරිගම අධිවේගී මාර්ගය සඳහා වෙන්වුණු මුදල්ද තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.