Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වයස අඩුනම් A/L ඇප්ලයි ඔන්ලයින් බෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නියමිත වයස සම්පූර්ණ නොවූ අයැදුම්කරුවන්ට උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමේ අවස්ථාව ලබා නොදීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් මෙම විභාගයට මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීම අනිවාර්ය වුවද වයස සම්පූර්ණ නොවූ අයැදුම්කරුවන් විභාගයට අයැදුම් කරන්නේ නම් පාසල් හැර යාමේ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි. ඒ අනුව එවැනි අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ඒ බව සනාථ කිරීමෙන් පසු අයැදුම් කිරීමට අවස්ථාව ලැබේ.

රජයේ සහ පෞද්ගලික පාසල්වල සිසුන් දොළහ ශ්‍රේණියේ දී උසස් පෙළ විභාගයට පෞද්ගලිකව පෙනී සිටීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් ඇතිව තිබීම මෙම පියවර ගැනිමට හේතු වූ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවැසීය. දොළහ ශ්‍රේණියේ සිටින බහුතරයක් සිසුන් එලෙස අයැදුම් කළහොත් ඇති විය හැකි අපහසුතා දෙපාර්තමේන්තුව දැඩි ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

උසස් පෙළ විභාගය සඳහා ලබන මස 10 වැනිදා දක්වා අයැදුම් කළ හැකි වන අතර කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Scroll to Top