පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ, එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.දෙවන අවසන් පූර්ව තරගයෙ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුුළු 7ක් දැවී ලකුණු 171ක් රැස්කර ගැනීමට සමත් විය.
ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 57කි.සූර්යකුමාර් යාදේව් ලකුණු 47යි. පන්දු යැවීමේදී එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රිෂ් ජෝර්දාන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිල පන්දුවාර 16යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 103ක් පමණී.ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 68ක ජයක් හිමිවිය.එම ජයග්‍රහණයත් සමග ඉන්දීයාව සහ දකුණු අප්‍රිකාව මෙවර 20යි 20 ලෝක කුසලාන අවසාන මහා තරගයට හෙට (29) Bridgetown හිදී තරග වැදීමට නියමිතයි.