බැතිමතුන් හට කතරගම දේවාලය වෙත පැමිණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකි ජල පිවිසුම් මාර්ගයක් මැණික් ගඟ හරස් කර මේ වන විට ඉදිකර ඇත.
මැණික් ගගේ අංක 02 පාලම අසල මෙම නව ප්‍රාකාරය ඉදිකර තිබේ. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ ආධාර උපකාර මත මෙම ප්‍රාකාරය ඉදිකර තිබේ.
ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ජල පිවිසුම් මාර්ග ඉදිකර තිබේ. ලබන 06 වැනිදා පැවැත්වෙන ඇසළ මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා මෙම පිවිසුම තුළින් පුදබිමට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන ලදී.