Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුදු මැස්සාගේ හානිය අවම කරගන්න,කඩිනම් පියවර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොල් වගාව ආශ්‍රිතව පැතිර යමින් පවතින සුදු මැස්සා පළිබෝධ හානිය අවම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය කෘමිනාශක හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවයි.

පොල් වගාවට සුදු මැස්සා නැමති පළිබෝධකයාගෙන් සිදුවන හානිය යළිත් උඝ්‍ර වී ඇතැයි, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පසුගියදා ප්‍රකාශ කළේ ය.එය මේ වන විට උතුර, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී.

වගාවට හානි කරන ආක්‍රමණශීලි සුදු මැසි උවදුර, මුල් වරට මෙරටින් හඳුනා ගැනුනේ, 1980 දශකයේදීයි.සුදු මැස්සාගෙන් පොල් වගාවට හානි වන බව තහවුරු කරගත්තේ, 2019 වර්ෂයේදී කෑගල්ල ප්‍රදේශයෙනි.

2020 හා 2021 වසරවලදී සුදු මැස්සා ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්තව ඇතැයි පොල් පර්යේෂණායතනය ප්‍රකාශ කළේ ය.

Scroll to Top