Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඓති­හා­සික අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය පුරා­විද්‍යා ස්ථානය “ උරුම උද්‍යා­න­යක් “ බවට පත් කිරී­මට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු යොදා තිබේ.

මෙහිදී වෙස්ස­ගි­රියේ දී පර්යේ­ෂණ කට­යුතු සඳහා පර්යේ­ෂ­ක­යන්ට අව­ස්ථාව ලබා­දීම,නර­ඹ­න්නන්ගේ මාන­සික සුව­තාව ඇති කිරීම,විවේක ස්ථාන පිහි­ටු­වීම ආදී කාර්ය­යන් රැසක් සිදු කිරීම සඳහා සැල­සුම් කර තිබේ.

වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් බවට පත් කිරීමේ මූලික අදි­යර යටතේ එහි අක්කර 26කින් යුත් සමස්ත ස්මාරක භූමිය ප්‍රද­ර්ශන මට්ට­මට සකස් කිරීමේ කට­යුතු පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­රා­ධ­පුර ප්‍රාදේ­ශීය කාර්යා­ලය මඟින් සිදු කරයි.

වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් බවට පත්කි­රීමේ සමා­ර­ම්භක උත්ස­වය බුද්ධ­ශා­සන ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විදුර වික්‍ර­ම­නා­යක මහ­තාගේ හා අමා­ත්‍යංශ ලේකම් එච්.එම්.පී. බී.හේරත් මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත වෙස්ස­ගි­රිය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මගින් සිදු කරයි.

Scroll to Top