Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පෘථිවියට බලපෑම් එල්ල විය හැකි සූර්ය කුණාටුවක් නුදුරේදීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පෘථිවියට බලපෑම් එල්ල විය හැකි ආකාරයේ සූර්ය කුණාටුවක් නුදුරේදීම ඇති විය හැකි බවට ඇමරිකානු නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙන සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බවද ඔවුහු පෙන්වා දෙති. එමගින් සන්නිවේදන කටයුතු අඩපණ වීමට ඉඩ ඇති බවද අනාවරණය වේ.

මෑත කාලයේ සූර්යයාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදැල්වල බලපෑමෙන් එලෝන් මන්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 40ක් පමණ විනාශ වි ඇතැයි ද වාර්තා වෙයි.

තාරකා විද්‍යාඥයින්ට අනුව සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සෑම වසර 11කට පමණ වරක් උපරිමයට පැමිණෙන විට මෙම ප්‍රබල සූර්ය ගිනිදැල් පිටවීම බොහෝ විට සිදුවෙයි.

මීට පෙර අවස්ථාවකදී ද මේ ආකාරයේම සූර්ය කුණාටුවක් හටගත් අතර රටවල් බොහොමයක අහසේ අව්රෝ පැහැ ආලෝකයක් දිස්වූයේ මෙම සූර්ය කුණාටුව හේතුවෙනි.

සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ හා ආරෝපිත අංශුවලින් සමන්විත ගිනිදැල් සූර්ය කුණාටුවක් ලෙස තාරකා විද්‍යාඥයෝ හඳුන්වති. සූර්යයාගෙන් පිටවන මෙම ගිනිදැල් සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙයි.

Scroll to Top