Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා නවතම කාලගුණ නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා නවතම කාලගුණ නිවේදනය නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙයි.

උතුරු-මැද පළාතේත් මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top