Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක චිත්‍ර තරගයකින් ලාංකික දැරියක් පළමු තැනට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජපානයේ යුනිසෙෆ් කාර්යාලය සහ ජපානයේ තත්ත්ව සහතික පත්‍ර කාර්යාලය එක්ව 23වන වරටත් පැවැත්වූ අන්තර් ජාතික ලෝක ළමා චිත්‍ර තරගයකින් පුත්තලම කොච්චුකට්ටිය ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී මලීෂා නිර්මාලී (15) ලෝකයේ රටවල් අසූ තුනක දරුවන් පරදවා එම තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ.

වයස අවුරුදු 6 සිට 15 දක්වා වයස් කාණ්ඩයේ දරුවන් සඳහා පැවැත්වූ චිත්‍ර තරගයට “සොබාදහමට ආදරය කරන දරුවෝ” යන මාතෘකාව යටතේ මෙම චිත්‍රය ඉදිරිපත් කර තිබේ. එම තරගයට ලෝකයේ රටවල් අසූ තුනක දරුවන් ලක්ෂ ගණනක් ඉදිරිපත් කර තිබු සියලුම නිර්මාණ අභිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමට සමත්ව තිබේ.

උපතින්ම චිත්‍ර කලාවට දස්කම් දක්වන නිර්මාලී ලෝක ජල දිනය නිමිත්තෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවහන මණ්ඩලය විසින් 2023 වසරේ පවත්වන ලද චිත්‍ර තරගයෙන් ද දෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ. මීට අමතරව ජාතික මට්ටමේ චිත්‍ර තරග රැසකින්ම ඇය ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ.

ගාල්ලේ ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පියසේන ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකාවේ දරුවන් මෙම චිත්‍ර තරගයට නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

Scroll to Top