බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.
බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වෙයි.ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රධායන් තුළ ඒම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාක්‍ය යනුවෙන් හැදින්වෙයි.
බොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයක්.
එදා රජවරුන් රාජ්‍ය කරන සමයෙහි පටන් වෙසක් දින උත්සවශ්‍රීයෙන් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙසග සමග බැදි සංස්කෘතිකාංග රැසක් පවතින අතර ඒය අපගේ අනන්‍යතාවය විදහාපෑමට මහෝපකාරී වෙයි.
වෙසගෙහි ශාන්ත ස්වරූපය ගස් වැල් සොබා දහම පවා ආරූඩ කරගත් ස්වරූපයක් වෙසක් මාසය උදාවත්ම දැනී යනවා. අප රටෙහි බොදු ජනයා සෑම වසරකම කල්තියාම වෙසක් සමරන්න සූදානම් වෙනවා. වෙසක් පහන් කූඩු නිවෙස් ආශ්‍රිතව ඉදි වෙත්දී නගර මැද ආඩම්බරයෙන් නැගෙනා දැවැන්ත වෙසක් තොරණ් සහ අඩියෙන් අඩියට විවෘත වන නොයෙක් ආකාරයේ දන්සල් කියාපාන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම,ත්‍යාගශීලීකම, පරිත්‍යාගය, දක්ෂතාවය වගේම හරි අපූරු මනුස්සකමයි.
මේ හැම දෙයක් සදහාම ජනයා සිය දායකත්වය දක්වන්නේ හරිම සතුටෙන් මනුස්සකම අතින් පොහොසත් ජාතියක විවිධ පරිත්‍යාගයන් වෙසග තුළින් ආලෝකමත් වෙනවා.