අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස මැද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ඊයෙන් (15) අවසන් වූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සාමාන්‍යයෙන් මාස 4ක් පමණ ගතවන බවත් එම විභාගයේ විෂයන් කිහිපයක ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට ඇති බවත් ඒ මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (15) ප්‍රකාශ කළේය.
අදියර තුනක් යටතේ විභාගයේ ඇගැයීම් කටයුතු සිදු කරන්නේ යැයි ද හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට කාර්ය මණ්ඩලය පියවර ගන්නේ යැයි ද ඒ මහතා පැවසුවේය.
මේ මාසය තුළදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ අවසන් අදියරේ කටයුතු මේ දිනයන්හි සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට උදවු උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වන බව ද ඒ මහතා පැවසුවේය.