කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ.
ප්‍රධාන මාර්ග මධ්‍යයේ ඉන්ටර්ලොක් ගල් අතුරා තිබීමෙන් නගරයේ උෂ්ණත්වය අඩු වීමට ක්‍රමවේදයක් නොමැති බව කොළඹ නගර සභාවේ ඉඩම් හා පාරිසරික සංවර්ධන අංශයේ ඉංජිනේරු ඉන්දික පතිරණ පැවසීය. එමෙන්ම ශාක විශේෂඥ සුනිල් ගමගේ පෙන්වා දෙන්නේ ගස්වල කඳන් ආසන්නයටම ඉන්ටර්ලොක් ගල් ඇතිරීම ශාකවල ක්‍රියාවලියට හානිකර බවයි.
මේ හේතුවෙන් කොළඹ නගරයේ සංවර්ධනය කෙරෙන මංමාවත්වල ඉන්ටර්ලොක් ගල් ඇතිරීම අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ඉංජිනේරු ඉන්දික පැවසීය. කොළඹ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ මංතීරු දෙක මැදින් ඉන්ටර්ලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමට පියවර ගත් බවද හෙතෙම කීය. මෙමගින් නගරයේ උෂ්ණත්වය තරමක් අඩු කිරීම සහ නගරය ආශ්රිත වායුගෝලයේ ගුණාත්මක බව වැඩි කිරීම අපේක්ෂා කරයි. එමෙන්ම කොළඹ නගරයේ පිහිටි ශාකවල කඳ ආසන්නයේ ඇති ඉන්ටර්ලොක් ගල් ඉවත් කිරීමටද කොළඹ නගර සභාව මේ දිනවල පියවර ගනිමින් සිටියි.