ජපානයේ පැවැත්වුණු 11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් ඊයේ (12) සමත් විය.
එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 45. 92ක්.
මෙය එම ඉසව්වට සහභාගී වූ තරගකරුවන් අතුරින් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා විය.