Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළැඹෙන ක්‍රිකට් T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන නව ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන ලද අතර, එය එළිදැක්වීම ජා ඇළ පිහිටි Moose Clothing සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඇතුළු ව ගෞරවනීය සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

ක්‍රිකට් ක්‍රීඩාව ලොකු කුඩා සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ හද බැඳ ගත් ක්‍රීඩාව නිසා ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නිල ජර්සිය නිර්මාණය සඳහා ලැබුණු මෙම අද්විතීය අවස්ථාව පිළිබඳ ව Moose Clothing සමාගම සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි. එමෙන් ම මෙම අවස්ථාව Moose Clothing සමාගම මෙන් ම මෙරට ක්‍රීඩා ඉතිහාසයේ අභිමානවත් අවස්ථාවක් සනිටුහන් කරන බව ද පැවසිය යුතු ම කරුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය, සංචාරක ර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන අයුරින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ක්‍රිකට් ජර්සිය මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස භාවිත කිරීම ද Moose Clothing සමාගමේ අරමුණ වන අතර, මෙම නව ක්‍රිකට් ජර්සිය තුළ ඇතුළත් කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මල, ආරුක්කු නවයකින් යුත් පාලම, හබරණ ‘අලි එකතුව’, පැරණි ශ්‍රී ලංකාවේ සඳකඩපහණ, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත හරහා ශ්‍රී ලාංකිකයින් සතු අභියෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාව. නොසැලෙන අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය පිළිඹිබු කරයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ට මෙම නව ජර්සිය දැඩි අභිමානයකින් යුතු ව පැළඳිය හැකි බව පවසන Moose Clothing සමාගම, ඔවුන් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය සඳහා පමණක් ම නොවන බවත්, ඔවුන් ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ බලාපොරොත්තු සහ සිහින සංකේතවත් කරමින් බවත්, එහි දී මෙම නව ජර්සිය මගින් ඔවුන්ගේ නොසැලෙන අධිෂ්ඨානය සහ කැප වීම ප්‍රදර්ශනය කරනු ඇති බවත් අවධාරණය කරයි.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඔමාර් මහතා පැවසුවේ, “2024 T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නිල ජර්සිය එළිදැක්වීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. මෙම නව නිර්මාණය ශ්‍රී ලාංකේය අභිමානය ගෝලීය වශයෙන් විදහා දක්වන අවස්ථාවක් විදියට අපි දකිනවා. නව ජර්සිය මගින් පිටිය තුළ දී ක්‍රීඩකයින් දිරිමත් කිරීමට වගේ ම ශ්‍රී ලංකාවේ සංචාරක මර්මස්ථාන වෙත ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයින්ගේ අවධානය යොමු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

අනාගතයේ දී ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්වීම පිළිබඳ සමාගමේ අරමුණු පිළිබඳ ව ද අදහස් දැක්වූ ඔමාර් මහතා, ” Moose Clothing සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගොඩනඟා ගත් මෙම සහයෝගීතාව, ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා ප්‍රමුඛයෙකු බවට පත් වීමේ අපගේ දිගු කාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට මහත් ශක්තියක් බව පැවසිය යුතු ම යි. ගුණාත්මක භාවය සහ නව්‍යකරණය සමඟ අපගේ නොසැලෙන කැපවීම, ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර අද්විතීයත් වය සමඟ එක් කිරීමෙන් අපි අපගේ හැකියාවන් මුළු ලෝකයට ම ප්‍රදර්ශනය කරනවා.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙවර T20 ලෝක කුසලානයේ දී මුහුණ දෙන සෑම තරගයක් ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බව පවසන Moose Clothing සමාගම, විස්සයි20 ලෝක කුසලානය ළං වන විට, මෙම නව ජර්සිය ඇඟ ලා පිටියට බසින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවේ නාමය නැවත වරක් ලොව ඉහළට ම ඔසවා තැබීමට හැකි වනු ඇති බව අවධාරණය කරයි.

Scroll to Top