වියළි හා දැඩි රස්නය සහිත කාලගුණික තත්ත්වයක් පවතින හෙයින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සා/පෙළ විභාගයට පෙනී සිටින දරුවන් විභාගයට වාඩි වීමට පෙර ජලය පානය කිරීමෙන් විජලන තත්ත්වයට පත් වීම වළකාගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඊයේ (06) පැවැසීය. මේ දිනයන්හි පවතින උෂ්ණත්වය සහිත කාලගුණය නිසා විජලනය, තාප කම්පන තත්ත්වයන් ඇති වී දරුවන්ට විභාගයට මුහුණදීමට නොහැකි වීමේ අවදානමක් පවතින අතර එය වළක්වා ගැනීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික පාන වර්ගය භාවිතය ඉතා අවශ්‍ය බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
දරුවන් විභාග ශාලාවට යෑමේදී වතුර බෝතලයක් ගෙන යෑමට අමතක නොකළ යුතු බවත් විභාගය ලියන අතරතුරේදී ජලය පානය කිරීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.