Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

06 වන ආසියානු කැරම් ශූරතාවට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

මෙම තරගාවලිය පසුගිය 27 – 01 දින දක්වා මාළදිවයින මාළේ නුවර දී ආසියානු කළාපයේ රටවල් 07 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති බව සඳහන්.

මෙම තරගාවලියේ දී “ස්විස් ලීග් ” ඉසව්ව සදහා තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක සයිඩ් හිල්මි එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් වුණා.

කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් සහ කණ්ඩායමේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා වත්මන් ලෝක ශූරතාවය හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම බවත් මීට පෙර අවස්ථා හතරක දී ලෝක ශූරතාවය දිනා ගෙන ඇති බවත් සදහන් කළා.

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම ඊයේ (02) දින රාත්‍රී 11.35 ට මාළදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Scroll to Top