ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ.
පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි නව මිල වන්නේ රුපියල් 368කි. පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති අතර එහි නව මිල වන්නේ රුපියල් 420කි.
සුදු ඩීසල් මිල රුපියල් 363ක්ව පැවැති අතර එහි නව මිල වන්නේ රුපියල් 333කි. සුපිරි ඩීසල් රුපියල් 386ක්ව පැවැති අතර එහි නව මිල වන්නේ රුපියල් 377කි. භූමිතෙල් මිල රුපියල් 245ක්ව පැවැති අතර එහි නව මිල වන්නේ රුපියල් 215කි.