සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාශය විශේෂ නිවේදනය නිකුත්කර තිබේ.
ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාශය දැනුම් දෙන්නේ ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමක් සිදු නොකරන බවයි.
ඉදිරියේ දී අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බවයි එම අමාත්‍යාශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවයි වාර්තා වෙයි.