Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බක්පුර පසළොස්වක පොහොය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බුදු රජාණන්වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ උතුම් බක්පුර පසළොස්වක පොහොය දිනය අදයි.
බුද්ධත්වයෙන් 5වන වර්ෂයේදී සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසු බුදුරජාණන් වහන්සේ, ශ්‍රී ලංකාවට දෙවනවර වැඩම කළහ.

ඒ, මිණිපළඟක අයිතිය අරඹයා සටනට සැරසී සිටි චූලෝදර – මහෝදර නා රජුන්ට අනුශාසනා කිරීම පිණිසයි.

බුදුරදුන් නාගදීපයේදී, සමගියේ අගය වටහා දෙමින් නාගගෝත්‍රිකයින්ට එන්දන, කාකෝලෝලුක, වට්ටක හා ලටුඛික යන ජාතක කතා දේශනා කළ බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

යුද්ධයට සූදානම්ව සිටි නාරජුන් දෙදෙනා, විරසකය අමතක කළේ ඊට මුල් වූ මිණිපළඟ බුදුන්ට පූජා කරමිනි.

සතර පෙර නිමිතිවලින් පළමු නිමිත්ත වූ මහල්ලෙකු සිදුහත් කුමරුන්ට දර්ශනය වුයේ ද අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් විය.

Scroll to Top