උත්සව සමයේ රතිඤ්ඤා හා ගිණිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
වැඩිහිටියන්ගේ අධීක්ෂණයෙන් තොරව කුඩා දරුවන්ට රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතයට ඉඩදීමෙන් සිදුවිය හැකි හානි බොහෝමයක් පවතින බව එහි බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධානි, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළා.
එහිදී මුහුණ, දෑත් හා දෙපාවලටද හානි සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.