විශ්‍රාමික ජීවනාධාරයක් ලෙස වියපත් කලාකරුවන් වෙනුවෙන් මාසිකව ගෙවූ දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මාසිකව රුපියල් 7,500ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබා දුන්නේය. එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත්, ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රුපියල් 10,000ක් බැගින් වූ විශ්‍රාමික ජීවනාධාරයක් ලබාදෙනු ලැබේ.