Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තායිවානයට වසර 25කට පසු රිච්ටර් මාපක 7.4ක භූමිකම්පාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(03) උදෑසන තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපක 7.4 ක භූමිකම්පාවක් හේතුවෙන් තායිවානයට සහ අසල්වැසි රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව තායිවානයේ හුආලීන් නගරයට දකුණින් කිලෝමීටර් 18ක් පමණ දුරින් මෙම කම්පනය සිදුව ඇති බව සඳහන්.

හුආලීන් හි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබේ.

එය වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව බවයි භූ කම්පන විද්‍යා නිලධාරීන් පෙන්වා දෙයි.

Scroll to Top