ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන” අයියෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි .
මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීතය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ .
එසේම වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී ගායිකා වින්දි ගුණතිලක තම ” අයියෝ සාමිනේ ” ගීතය ජාත්‍යන්තර ගීත දර්ශක වල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළ කර තිබූ මනාප වලට ද ස්තුතිය පළ කිරීමට ද අමතක නොකළාය.