Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුප්පත් නොවී සිටීමට මාසයකට අවශ්‍ය මුදල රු. 17,014 ක් ලු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 17,014 ක් ලෙසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දරිද්‍රතා රේඛා සටහනේ දැක්වෙනවා.

ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වෙයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට නම් රු. 18,350 ක් අවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුවන දිස්ත්‍රික්කය වනවා.

එම සටහනට අනුව අවම අගය සටහන් වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය ඉදිරියෙන් වන අතර එය රු. 16,268 ක් ලෙසින් වාර්තා වනවා.

පෙර මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Scroll to Top