ඊයේ (25) දිනයේ සිට සති 2ක පරීක්ෂණ ධාවන කාලසටහනක් අනුව දුම්රියන් කිහිපයක් ධාවනය වන බව දැනුම් දෙනවා.
ඒ අනුව, පස්වරු 6:40 කොළඹ රඹුක්කන සීඝ්රගාමී සෝසි දුම්රිය කැළණිය, යත්තල්ගොඩ, බුජ්ජොමුව නවත්වනවා තිබෙනවා.
පස්වරු 04:40 පිටත්වයාමට නියමිතව තිබූ කොටුව – කුරුණෑගල සීඝ්රගාමී කැලෑ කුමාරි දුම්රිය සංශෝධනය වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04:45 ට පිටත් වෙයි.
පස්වරු 04:50 පිටත්වයාමට නියමිතව තිබූ කොටුව පොල්ගහවෙල සීඝ්රගාමී දුම්රිය ද නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, රාගම, වල්පොල, බටුවත්ත, බුලුගහගොඩ,ගනේමුල්ල, යාගොඩ, ගම්පහ, දාරලුව, වේයන්ගොඩ, වඳුරව, කීනවල, පල්ලෙවෙල, විජය රජදහන, මීරිගම, විල්වත්ත, බෝතලේ, අඹේපුස්ස, අලව්ව, වලකුඹුර, පොල්ගහවෙල යන දුම්රිය නැවතුම් පොළවල්වලයි.
තවද පස්වරු 05:00 පිටත්වයාමට නියමිතව තිබූ කොටුව – රඹුක්කන මන්දගාමී මලකඩේ දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 05:05ට ගමන් ආරම්භ වෙයි.
පස්වරු 05:20 කොටුව ගනේවත්ත සීග්රඝාමි දුම්රිය වේයන්ගොඩ සිට නවත්වන්නෙ පල්ලෙවෙල, ගනේගොඩ, මීරිගම, විල්වත්ත සහ අඹේපුස්ස සිටයි.
එසේම පස්වරු 05:35ට පිටත්වයාමට නියමිතව තිබූ කොටුව නුවර සතිඅන්ත නගරාන්තර දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05:40 ට පිටත් වෙයි.
ඒ අනුව පස්වරු 05:45ට පිටත්වයාමට නියමිතව තිබූ බෙලිඅත්ත – මහනුවර සීඝ්රගාමී සියනෑ කුමාරි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05:50 ට පිටත්ව යයි.
රාත්රී 7:50 නියමිත කොටුව – රබුක්කන නයිට් මලකඩේ මන්දගාමී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 07:55 ට ගමන් ආරම්භ වෙයි.
තවද සවස 06:00ට පිටත්වයාමට නියමිතව තිබූ මීරිගම කොටුව මීරා ඩවුන් අර්ධ සීඝ්රගාමී දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයෙන් 06 :15ට පිටතව යයි.
එසේම සති අන්ත හා නිවාඩු දින වල ධාවනය වන දුම්රියන් ධාවනය වන්නේ මෙසේයි,
සවස 05:05ට පිටත්ව යාමට නියමිත කොටුව – කුරුණෑගල කැලෑ කුමාරි සීඝ්රගාමී දුම්රිය ඉරිදා දින ධාවනය වන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05:20 ට ගමන් ආරම්භ වෙයි.
සවස 04:50ට පිටත්වීමට තියමිත කොටුව පොල්ගහවෙල ෆවුසි අර්ධ සීග්රඝාමි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 04:40 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා මන්දගාමීව ධාවනය වෙයි.
සති අන්තයේ හා රජයේ නිවාඩු දින වල ධාවනය වන සවස 06:10 ගමන් ඇරඹිමට නියමිත කොටුව – ගනේවත්ත, ගනේ සීග්රඝාමි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 06:15 ට ගමන් ආරම්භ වීමට නියමිතයි.