Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සේල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උත්සව සමයේ ක්‍රියාත්මක ‘සේල්’ නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් රැවටීම්වලට ලක්වීමට ඉඩ තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

එහි තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ දී අලෙවි කිරීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් මෙම අවුරුදු කාලසීමාවේදී එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බව ද අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකයට අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවත් අනතුරුව එම තොරතුරු මත උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Scroll to Top