Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසර 4ක් වසා­දමා තිබූ ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­පා­ද­න­ව­ලින් ඉදි­කර වසර 4ක කාල­යක් තිස්සේ වසා­දමා තිබූ ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ජනතා අයි­තිය වෙත ලබා­දී­මට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් රියර් අද්මි­රාල් මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කට­යුතු කර ඇත.

ඒ අනුව රුපි­යල් මිලි­යන 40ක විය­ද­මින් පිහි­නුම් තටා­කය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කොට වහාම ක්‍රියා­ත්ම­ක­වන පරිදි පාසල් දරු­වන්ට හා වැඩි­හි­ටි­යන් වෙනු­වෙන් විවෘ­තව තැබී­මට මෙම වැඩ­පි­ළි­වෙළ සකසා තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංව­ර්ධන නිල­ධාරී මඟින් ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය පව­ත්වා­ගෙන යෑම ඊයේ (22) සිට ආරම්භ වූ අතර, පාසල් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් වෙනු­වෙන් හා වැඩි­හි­ටි­යන් වෙනු­වෙන් සහ­න­දායී අය­කි­රීම් මත මෙය ක්‍රියා­ත්මක කෙරේ.

ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් විශාල පිරි­සක් මෙම පිහි­නුම් තටා­කය භාවිතා කරන බැවින් පිහි­නුම් තටාක නඩත්තු කිරීම හා පව­ත්වා­ගෙන යෑමේ මාර්ගෝ­ප­දේ­ශ­යන් අනුව විෂ­බී­ජ­හ­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් ද අවශ්‍ය උප­දෙස් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංව­ර්ධන නිල­ධාරී වෙත ලිඛි­තව ලබාදී තිබේ. සෞඛ්‍ය අංශ­වල හා ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ උප­දෙස් අනුව පිහි­නුම් තටා­කයේ පීඑච් අගය පව­ත්වා­ගෙන යා යුතු ආකා­රය සම්බ­න්ධ­යෙන් ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා අවශ්‍ය උප­දෙස් ලබාදී තිබීම විශේ­ෂ­ත්ව­යකි.

පිහි­නුම් තටා­කය නිසි පරිදි පව­ත්වා­ගෙන යෑමේ වග­කීම ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංව­ර්ධන නිල­ධාරී වෙත ලබාදී ඇති අතර, එහි මාසික ආදා­යම් වාර්තාව අදාළ මාසය ඉක්මවූ වහාම ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව වෙත ඉදි­රි­පත් කරන ලෙස ද දැනුම්දී තිබේ.

Scroll to Top