බුලත්සිංහල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන 2035 ව්‍යාපෘතියට සමගාමීව බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික පාහියන්ගල ලෙන ආශ්රිත ප්‍රදේශය නැරඹීම සඳහා පසුගියදා ජර්මනිය, ඹ්ලන්දය සහ ඹ්ස්ට්රියානු සංචාරක පිරිසක් පැමිණ සිටි අයුරු දැකගත හැකි විය.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් බුලත්සිංහල සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් බුලත්සිංහල සංචාරක පුරවර 2035 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. බුලත්සිංහල ඓතිහාසික පාහියන්ගල ලෙන, ප්‍රදේශයේ දිය ඇළි, ස්වභාවික පරිසරය, ගංගා, කුකුළේ ගඟ නිවාඩු නිකේතනය ඇතුළු දෙස් විදෙස් සංචාරක සිත් දිනාගත් ස්ථාන හා ප්‍රදේශ රැසක් සඳහා සංචාරක පහසුකම් සැලසීම මේ වන විටත් සිදු කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා කීවේය.
පසුගියදා පැමිණි සංචාරක පිරිස ප්‍රදේශයේ ගම්මානවල ඇවිදිමින් ග්‍රාමීය ජනතාවගේ පැණි හකුරු ඇතුළු නිෂ්පාදන මිලදී ගනිමින් ගැමියන් හා සතුටු වන අයුරු ද දැක ගත හැකි විය.