Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අමු­ද්‍ර­ව්‍ය­වල මිල ඉහළ යෑමෙන් මහර කම්ම­ල්ක­රු­වන්ට බඩේ පහර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහර ආස­න­යට අයත් වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේ­ශයේ කම්මල් කර්මා­න්තයේ නිරත කම්ම­ල්ක­රු­වන්ට අවශ්‍ය අමු­ද්‍රව්‍ය වන දුනු­කොළ ආශ්‍රිත වානේ, පොල් කටු අඟුරු වැනි විවිධ අමු­ද්‍ර­ව්‍ය­වල මිල ඉහළ යෑම නිසා ඔවුන් විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණපා ඇති බව ප්‍රදේ­ශ­වා­සීන් පව­සති.

මීට අම­ත­රව ප්‍රදේ­ශයේ කම්මල් කර්මා­න්තයේ නිරත සම­හර ශ්‍රමි­ක­යන් ප්‍රමි­ති­යෙන් උසස් වානේ වෙනු­වට ප්‍රමි­ති­යෙන් තොර යකඩ යොදා මන්න, පිහි, විසි­කැති, පොරව, ගිර ඇතුළු විවිධ භාණ්ඩ නිප­ද­වීම නිසා පාරි­භෝ­ගික ජන­තාව මෙම භාණ්ඩ මිලදී ගැනී­මට මැලි­ක­මක් දක්වති. කම්මල් කර්මා­න්තය කය වෙහෙසා කරන කට­යු­ත්තක් බැවින් තරුණ පර­පුර මෙම කර්මා­න්ත­යට යොමු­වී­මට මැලි­ක­මක් දක්වන බව ප්‍රදේ­ශ­වා­සීන් පෙන්වා දෙති.

මීට අම­ත­රව නවීන තාක්ෂ­ණික ක්‍රම යටතේ නවීන ආදේ­ශක භාණ්ඩ වෙළෙඳ පොළට පැමි­ණීම නිසා කම්ම­ල්ක­රු­වන් නිප­ද­වන භාණ්ඩ මිලදී ගැනී­මට පාරි­භෝ­ගික ජන­තාව කට­යුතු නොකි­රීම නිසා කම්මල් කර්මා­න්ත­ක­රු­වන් සිය නිෂ්පා­දන විකි­ණී­මේදී විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණපා සිටිති.

මේ වන විට වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේ­ශයේ කම්මල් කර්මා­න්තයේ නිරත ශ්‍රමි­ක­යන් වැඩි වශ­යෙන් මන්න, පිහි, කැති, ගිර, පොල් උල්, හිර­මණ තල ඇතුළු විවිධ භාණ්ඩ නිප­ද­වී­මට කට­යුතු කරති.

වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේ­ශයේ පදිංචි එම්. ජී. තිලක් මහතා මෙසේ පැව­සීය.

මම පාර­ම්ප­රි­කව වසර ගණ­නා­වක සිට කම්මල් කර්මා­න්තයේ නිරත වනවා. මේ වන විට මෙම කර්මාන්ත කට­යුතු සඳහා අවශ්‍ය වානේ කිලෝ­වක් රුපි­යල් 500ක් පමණ වනවා. පොල්කටු අඟුරු කිලෝ­වක් රුපි­යල් 160ක් වනවා. මෙම අමු­ද්‍ර­ව්‍ය­වල මිල ඉහළ යාම නිසා අපට මෙම ස්ථානයේ භාණ්ඩ නිප­දවා ඒවා වැඩි මිල­කට විකි­ණී­මට සිදු වන නිසා මෙම භාණ්ඩ විකි­ණී­මේදී අපි විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණපා සිටි­නවා. මීට අම­ත­රව ප්‍රදේ­ශයේ විවිධ කර්මා­න්ත­ක­රු­වන් මෙම කම්මල් කර්මා­න්ත­යේදී ප්‍රමි­ති­යෙන් වැඩි වානේ වෙනු­වට ප්‍රමි­ති­යෙන් තොර යකඩ යොදා ගෙන භාණ්ඩ නිප­ද­වීම නිසා පරි­භෝ­ගික ජන­තා­වට මෙම ප්‍රදේ­ශ­යෙන් භාණ්ඩ මිලදී ගැනී­මේදී දෙව­රක් සිතී­මට සිදු වනවා.

කම්මල් කර්මා­න්තය පිළි­බඳ ජන­තාව අතර පව­තින විවිධ ආකල්ප නිසාත් මෙම කර්මා­න්ත­යේදී කය වෙහෙසා වැඩ කිරී­මට සිදු වන නිසා තරුණ පර­පුර මේ සඳහා යොමු වන්නේ නැහැ. මීට අම­ත­රව නවීන තාක්ෂ­ණික දැනුම මෙම කර්මා­න්ත­යට යොදා ගැනීම පිළි­බඳ තරුණ ශ්‍රමි­ක­යන්ට රජය මැදි­හත්ව පුහුණු පාඨ­මාලා මෙම ප්‍රදේ­ශය අශ්‍රී­තව ආරම්භ කිරී­මට කට­යුතු කළ යුතු වනවා. මෙම කර්මා­න්තයේ නිරත ශ්‍රමි­ක­යන්ට සිය කර්මාන්ත කට­යුතු දියුණු කර ගැනී­මට සහ­න­දායි පොලී අනු­පා­තය යටතේ ණය සහ ආධාර රජය මැදි­හත්ව ලබා දෙන්නේ නම් මෙම කර්මාන්ත කට­යුතු සාර්ථ­කව සිදු කිරී­මට හැකි වනවා.

වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේ­ශයේ පදිංචි සනී සුජීව මහතා මෙසේ පැව­සීය.

මේ වන විට මෙම කර්මාන්ත කට­යු­තු­ව­ලට අවශ්‍ය අමු­ද්‍ර­ව්‍ය­වල මිල ඉහළ යාම නිසා අපි විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණපා සිටි­නවා. මේ නිසා මෙම ස්ථානයේ නිප­ද­වන භාණ්ඩ­වල මිල වැඩි වීම නිසා පරි­භෝ­ගික ජන­තාව ඒවා මිලදී ගැනී­මට මැලි­ක­මක් දක්ව­නවා. මෙම ප්‍රදේ­ශය ආශ්‍රි­තව කම්මල් කර්මා­න්තයේ නිරත සම­හර ශ්‍රමි­ක­යන් ප්‍රමි­ති­යෙන් උසස් වානේ වෙනු­වට ප්‍රමි­ති­යෙන් තොර යකඩ වැනි අමු­ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා අපේ භාණ්ඩ මිලදී ගැනී­මට පාරි­භෝ­ගික ජන­තාව එත­රම් කැම­ත්තක් දන්වන්නේ නැහැ.

කම්මල් කර්මා­න්ත­යේදී කය වෙහෙසා වැඩ කිරී­මට සිදු වීම නිසාත් ජන­තාව අතර පව­තින විවිධ ආකල්ප නිසාත් තරුණ පර­පුර මෙම කර්මා­න්තය සඳහා යොමු වීමට දැඩි මැලි­ක­මක් දක්ව­නවා. ඒ අනුව කම්මල් කර්මා­න්තයේ නිරත ශ්‍රමි­ක­යන් සිය ව්‍යාපාර කට­යුතු දියුණු කර ගැනී­මට රජය මැදි­හත්ව සහ­න­දායි පොලී අනු­පාත යටතේ ණය හෝ අධාර ලබා­දී­මට කට­යුතු කරන ලෙස ඉල්ලා සිටි­නවා.

Scroll to Top