Aboutceylon Online

පාසල් ප්‍රධානීන්ට යළි සිහිකැඳවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට අද (12) යළි සිහිකැඳවීමක් කළේය.

එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල් නිවේදනය නිකුත් කළේ මෙම මස 26 වැනිදාය.

එම මුල් නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින ලෙස නව නිවේදනයෙන් යළි සිහිකැඳවීම් කර ඇත.

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීම හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත් එහි සදහන්වේ.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකිය යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

අම්පාර තිරික්කෝවිල් ප්‍රදේශයේ පාසලක සිසුවකු මැරතන් තරඟයක් අතරේදී හදිසියේ අසනීප වීමෙන් පෙරේදා (11) මියගියේය.

පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.

මෙසේ මියගියේ අම්පාර තිරික්කෝවිල් පාසලක 16 හැවිරිදි සිසුවෙකි.

 

Scroll to Top