විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කර එය ලබන මාසයේ සිට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට පෙර එම මුදල පැවතියේ රුපියල් 5000ක් ලෙස බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම නිසා එම මුදල රුපියල් 8000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා කීය.
මේ සඳහා වන යෝජනාව ගිය සතියේදී මූල්‍ය කමිටුවට යොමු කළ බවද පෙරේදා (19) ඊට එම කමිටුවේ අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව ලබන මාසයේ සිට එම වැඩි කළ මුදල විද්‍යා පීඨ සිසුන්ට ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.